ට්විටර් සමාජජාල අඩවිය තුළ එහි පරිශීලකයන්ට වඩාත් පහසු හා සරල භාවිතයක් සහතික කරනු වස් නව්‍යකරණයන් කිහිපයක්ම එහි සිදුකර තිබේ.
ඒ අනුව, ට්විටර් ගිණුම් හිමියෙකුට එක් පණිවුඩයක් සඳහා යොදාගන්නා අක්ෂර 140 අපතේ නොයවා එම පණිවුඩය වෙතම ඡායාරූප හෝ වීඩියෝ එකතු කිරීමට අවස්ථාවත් සලසා තිබේ.
එනම්, මෙය යම් සීමාවකට ලක්කර තිබූ අක්ෂර භාවිතයෙන් ඔබ්බට යෑමක් ලෙසද දැක්විය හැකිය. එමෙන්ම, ට්විටර් පරිශීලකයන් අතර සිදුවන සංවාද හසුරුවන ආකාරයෙහි නව වෙනස්කම්ද මෙහිදී සිදුකර ඇත.
ට්විටර් සම-නිර්මාතෘවරයෙකු හා ප්‍රධාන විධායක ජැක් ඩෝසේ පවසන්නේ යම් අයෙකු ට්විටර් පණිවුඩයක් යැවීමේදී, එය අනෙක් පාර්ශ්වයට හොඳින් දැනෙන තේරුමක් ඇති පණිවුඩයක් වනු දැකීම තම ඉලක්කය බවයි.