(VIDEO) ටර්මිනේටර් චිත්රපටයට පණ පොවමින්, හොලිවුඩ් තිරයේ මිහිමත සිටින වඩාත් ශක්තිවන්ත හා නිර්භය මිනිසා ලෙස විරුධාවලි ලැබූ ආනෝල්ඩ් ස්වාසනේගර් පසුපස වල් අලියෙකු පැන්නූ බව වාර්තා වෙයි.
දකුණු අප්රිකානු සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණදෙන විට හිටපු කැලිෆෝනියානු ආණ්ඩුකාරවරයාට දැනී ඇත්තේ තමා සැබෑවටම තමන් පෙනී සිටි ක්රියාදාම චිත්රපටයක රැඳී සිටිනවා වැනි හැඟීමකි.
ස්වාසනේගර් තම කැමරාවේ සටහන් කරගත් මේ සුවිශේෂී දසුන් පෙළ පසුව සමාජජාල හරහා ප්රසිද්ධියට පත්කොට තිබුණි.
එම රූපරාමුවලට අනුව, වනාන්තරය හරහා වැටී ඇති මාර්ගයක් මත රැඳී සිටින දැවැන්ත දළ හස්තියාගේ හැසිරීම පිළිබඳ දන්නා මගපෙන්වන්නා ඔවුන් රැඳී සිටින සෆාරි ජීප් රථයේ එන්ජිම පණගන්වන විට, එම රථය අසලින් මෙම හස්තියා කෙමෙන් වනාන්තරය දෙසට ගමන් කරන ආකාරයක් දැකිය හැකිය.
එහිදී, එම ජීප් රථයේ සිටින කාන්තාවක්, "එන්ජිමේ සද්දෙ හින්දද අලියා පස්සට ගියේ..?" යනුවෙන් ප්රශ්න කරද්දී, ස්වාසනේගර් පිළිතුරු දෙමින් කියන්නෙ, "නෑ... ඌ අපි පස්සෙ එලවන්නයි හදන්නෙ..." කියාය.
"මේක චිත්රපටයක් වුණා නම්, මට මේ හමුවීම ලියාගන්න බැරිවෙන්න තිබුණා. මේ හමුවීම නිසා ජීප් රථයේ සිටි ඇතැම් දෙනාට ඔවුන්ගෙ කලිසම් මාරු කරන්න සිද්ධ වුණත්, අතිශය සුන්දර හා ශක්තිමත් සද්ධන්තයා සැබවින්ම මා තුළ ඇති කළේ බිය මුසු ගරුත්වයක්. අප ඡායාරූපයක් හැර, උණ්ඩයක් නම් ලබා නොදිය යුතුයි..." මේ වීඩියෝව සමග ස්වාසනේගර් පවසා තිබුණි.
VIDEO