ඉන්දියාවේ ටජ් මහල් ප්‍රාසාදයේ තරප්පු පෙළකින් ඇද වැටීම නිසා ජපාන සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටාජ් මහල් ප්‍රාසාදයේ රාජකීය දොරටුව ඉදිරිපිට සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු එම තරප්පු පෙළින් ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
අනතුරට පත්වූ මොහොතේ ඔහුගේ හිස බිම වැදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
17 වැනි ශතවර්ෂයේදී මෝගල් අධිරාජ්‍යයෙකු වූ ෂාහ් ජහාන් රජු සිය බිරිඳගේ වියෝවෙන් පසුව ඉදිකළ ටජ් මහල දිනකට 12,000කට අධික සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ස්ථානයක් බවට පත්ව තිබේ.