ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් හා බහුතර ෂියා පාලනයක් සහිත ඉරාකය අතර හටගෙන ඇති අර්බුදය පිළිබඳ සොයා බැලීමට සඳහා ඉරාකයට පැමිණි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් කෙරී අද (24දා) උතුරුදිග ඉරාකයේ සංචාරය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
උතුරුදිග එර්බිල් නගරයේදී ඉරාක කුර්දි ජනාධිපති මස්සාවුද් බර්සානි හමුවෙමින් කෙරී සාකච්ඡා කර ඇති අතර, එහිදී කුර්දි ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට ඉරාකයෙන් වෙන් වූ පාලනයක් අවශ්‍යව ඇති බවයි.
ජුනි 10 වැනිදා උතුරුදිග ඉරාකයේ මොසුල් නගරයෙන් ආරම්භ වුණු මෙම ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර හේතුවෙන් ඉරාක හමුදාව අතහැර දමා ගිය උතුරු සහ ඊසානදිග නගර රැසක්ම ඉරාක කුර්දි හමුදාව යටතට පත්විය.
කෙසේ වෙතත් මෙම සංචාරයේදී සුන්නි අන්තවාදීන් විසින් සිදුකරන ජන සංහාරය හෙළා දැක ඇති කෙරී, ඉරාක රජයට අවශ්‍ය ඇමෙරිකානු සහාය ලබාදෙන බව අවධාරණය කර ඇත.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට ඉරාකය තුළ දැවැන්ත ජන සංහාරයක් සිදුවන බවය.