ජෝ කොක්ස් සිහි කැඳවමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හඬයි
බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ මන්ත්රීනී අභාවප්‍රාප්ත ජෝ කොක්ස් වෙත එරට පාර්ලිමේන්තුවේදී විශේෂ සිහිකැඳවීමක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සේවකයන් කටයුතු කළහ.
බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමය සමග රැඳී සිටින්නේද නැද්ද යන්න තීරණය කෙරෙන ජනමත විචාරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට උණුසුම්ව පැවති පාර්ලිමේන්තුව 41 වැනි වියෙහි පසුවූ කොක්ස්ගේ අනුස්මරණය හමුවේ එකම මළගෙයක් බවට පත්ව තිබුණි.
එහිදී, අදහස් දැක්වූ කතානායක ජෝන් බර්කවු පැවසුවේ හදවත කම්පා කරන වේදනාවකින් සියලු දෙනා රැස්ව සිටින බවය.
මන්ත්‍රීවරුන්ගෙන් පිරී පැවති පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ කොක්ස් යනු සුවිශේෂී ගුණාංගයන්ගෙන් හෙබි චරිතයක් බවය.
ව්‍යක්ත කතිකත්වයක් ඇති, ප්රතිපත්තියක පිහිටි, ඥානාන්විත හා සැලකිලිමත් ඇය ඒ සියල්ලටම වඩා මනුෂ්‍යත්වය කෙරෙහි මහත් වූ දයාවෙන් කටයුතු කළ තැනැත්තියක් බවද කතානායක වරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

