ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ සහෝදරයා වන ජෙබ් බුෂ් 2016 වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් පසුවෙයි.
ෆ්ලොරීඩා ප්රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයාද වන ඔහු තමන් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව පිරික්සමින් සිටින බවත් වාර්තා වෙයි.
එමෙන්ම, ඇමෙරිකාව පුරා ජනතා සහභාගීත්වයෙන් යුතු සංවාදයක් ගොඩනැගීම සඳහා දේශපාලන ක්රියාකාරී කමිටුවක් පත් කිරීමටද ඔහු සූදානමින් සිටියි.
කෙසේ වෙතත් මෙම මැතිවරණ පොරපිටියට පැමිණෙන තනි අශ්වයා බුෂ් පමණක් නොවන බවද කියැවෙයි.
ඒ අතර, ඇමෙරිකාවේ හිටපු ජනපති ආර්යාවක මෙන්ම, රාජ්ය ලේකම්වරියකද වන හිලරි ක්ලින්ටන්ද ඉදිරියෙන්ම සිටියි.