එළඹෙන ජූනි 08 වැනිදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ඉලක්ක කරමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්රියේදී විසුරුවා හැර තිබුණි.
ඊයේ (03දා) මධ්‍යම රාත්‍රිය පසු වී මිනිත්තුවක් ගතවීමත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසිරුවා හැරීම සිදුවූ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බ්‍රිතාන්‍ය රැජිනගේ අවසරය ලබාගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ මාධ්‍ය අමතමින් යුරෝපා සංගමයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය ලක් කළාය.
යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නොමග යවන සුළු ප්‍රකාශ කරන බවටත්, බ්‍රිතාන්‍යට එරෙහිව තර්ජන ඇති කරන බවටත් යුරෝපා සංගමයේ බලධාරින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල කිරීමද විශේෂත්වයකි.