තුර්කියේ, ඇන්ටල්යා නගයේ පැවැත්වීමට නියමිත ජී20 සමුළුවට සතියක් තිබියදී ඉස්ලාම් රාජ්ය අන්තවාදී ත්රස්ත කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නොවැම්බර් 15-16 යන දිනවල පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද සහභාගි විමට නියමිතය.
සිකුරාදා දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රුසියානු සම්භවයක් ඇති අයවලුන් බවද කියැවෙයි.
තුර්කිය තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවූ දරුණු බෝම්බ පිපිරීම් කිහිපයෙන් පසුව ඉස්ලාම් රාජ්ය අන්තවාදීන්ට එරෙහි ආරක්ෂක මෙහෙයුම් එරට තුළ දැඩි කර තිබේ.