IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතර වධක තනතුරේ කටයුතු කළ ජිහාඩි ජෝන් හෙවත් නිල අලුගෝස්වා මිය ගිය බව එම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය විසින්ද තහවුරු කරන ලදී.
ඉස්ලාම් රාජ්‍යයෙ ප්රචාරක සඟරාව විසින් මෙම කරුණ තහවුරු කරමින් පවසා ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි.
ඉස්ලාම් රාජ්‍යය සංවිධානය විසින් අබු මුහාරිබ් අල් මුහජිර් නමින් හැඳන්වෙන මෙම අලුගෝසුවා අවස්ථා කිහිපයකදීම සිදුකළ ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් නිසා 'ජිහාඩි ජෝන්' ලෙසින් ප්‍රසිද්ධියට පත්විය.