ඉරාකයේ සහ සිරියාවේ ජිහාඩ් සටන්කාමීන් සමග විවාහ වීමට කැමැති කාන්තාවන් සොයා ඉරාකය ආක්රමණය කරමින් සිටින ISIS සුන්නි ඉස්ලාමීය සටන්කාමීන් මංගල සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් පෙන්වා දෙන පරිදි මෙහි මූලස්ථානය උතුරුදිග සිරියාවේ ඇලෙප්පෝ පළාතේ අල්-බාබ් නගරයේ පිහිටා ඇත.
ඒ අනුව, ජිහාන්වරුන් විවාහ කරගැනීමට කැමති තනිකඩ කාන්තාවන්ට හෝ වැන්දඹු කාන්තාවන්ට සිය තොරතුරු ලබාදී ඉල්ලුම් කළ හැකි බවද ඔවුන් පවසා ඇත.
එසේ යම් තරුණියක ජිහාඩ්වරයෙකු හා විවාහ වන්නේ නම් නව යුවලට මධුසමය ගත කිරීම සඳහා ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් අලුතින් පිහිටුවා ගත් ඉස්ලාම් රාජ්ය පුරා සංචාරය කළ හැකි බස් රථ ප්රවාහන සේවාවක්ද ආරම්භ කර ඇති බව කියැවෙයි.