බංග්ලාදේශය තුළ සිදුවූ ඉස්ලාම් අන්තවාදී ඝාතන හමුවේ පුද්ගලයන් 11,000ක් පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව එරට ආරක්ෂක අංශ පවසයි.
අඛණ්ඩව සිදුවූ ඝාතනවලදී සුළුතර ආගමිකයන්, විවිධ ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් මෙම ඉස්ලාම් අන්තවාදීන්ගේ පිහි පහරට හසුව ඝාතනයට ලක්විය.
මෙම අත්අඩංගුවට ගැනීම් අතර, ඉස්ලාම් ත්රස්තයන් සමග සබඳතා පැවැත්වූ 145 දෙනෙකුද සිටින බව එරට ආරක්ෂක අංශය පවසයි. සෙසු පිරිස ප්රචණ්ඩක්රිය, මත්ද්‍රව්‍ය ජාවාරම්වල සිට මෙම ක්‍රියාවන්ට වක්‍රාකාරයෙන් හෝ සහාය වූවන් බව කියැවෙයි.
මෙම ඝාතන රැල්ලේ අවසන් ප්‍රහාය ලෙස පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක ගෙල සිඳ ඝාතනය කෙරුණු අතර, එම නිලධාරියා ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරියෙකි.
බහුතර මුස්ලිම් ජනගහනයක් ජීවත් වන බංග්ලාදේශයේ මෙම ඝාතන රැල්ලත් සමග එරට වෙත ලෝක ප්‍රජාවගේ අවධානය යොමුවී ඇති අතර, එරට සාමකාමී වටපිටාවද සම්පූර්ණයෙන්ම ලෝකය ඉදිරියේ තර්ජනයට ලක්ව ඇති බව කියැවෙයි.