ලොවපුරා රටවල බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඉන්දියාව ඇතුළු රටවල් 28 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනය ලුම්බිණියේදී පැවැත්විණි.
සිදුහත් බොසතාණන් වහන්ස්ගේ උපත සිදුවූ ලුම්බිණියේදී සංවිධානය වූ මෙවර සමුළුවේදී, 2560 වැනි බුද්ධ ජයන්ති උලෙළට සහභාගී වූ නියෝජිත පිරිස 'ලුම්බිණී ප්රඥප්තිය' ප්‍රකාශයට පත් කිරීමද සිදුකළහ.
එරටින් වාර්තාවන අන්දමට බෞද්ධ රාජ්‍යයන් 5ක සංස්කෘතික අමාත්‍යවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ ඔස්ට්‍රේලියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු තවත් රටවල් 28 ක නිලධාරීන්ද මෙම සමුළුවට සහභාගී වී තිබේ.
පසුගිය මැයි 19 වැනිදා ඇරඹි මෙම සමුළුවට ලොවපුරා රටවල බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ බුදු දහම උගන්වන ගුරුවර ගුරුවරියන්ද පැමිණ සිටි අතර, බෞද්ධ දර්ශනයට අදාළ ගවේෂණයන් පිළිබඳ ලියවිලි 19 ක් එහිදී ඉදිරිපත් කෙරිණි.
එහිදී, මෙම ප්රඥප්තිය සම්මත කිරීමෙන් පසු සියලු රටවල නායකයන් වෙත බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ස්ථානය පිළිබඳව පවතින විවිධ දුර්මත නිහඬ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලිපි යැවීමට සූදානම් බවද නේපාල සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ප්‍රේම කුමාර් රායි පවසා සිටියේය.