ජර්මනියේ මියුනිච් නුවරට එල්ල විය හැකි ත්රස්ත ප්රහාරයක් හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙස පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් නගරයේ ප්රධාන දුම්රිය ස්ථාන දෙකක් වෙත මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කළ හැකි බව බුද්ධි අංශ අනාවරණය කර ඇත.
ඒ අනුව, ප්රධාන දුම්රිය ස්ථානයේ හා අතරමග දුම්රිය ස්ථානයක ජනතාව වහාම ඉවත් කර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව මියුනිච් නුවරින් වාර්තා වෙයි.
ප්රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප්රහාරයෙන් පසුව යුරෝපයේ ප්රධාන නගර රැසක් ත්රස්ත අවදානම් තත්ත්වය ඉහළ දමා තිබුණි.