21 හැවිරිදි සිරියානු සංක්රමණිකයෙකු ජර්මනියේදී එල්ල කරනලද මන්නා ප්රහාරයක් නිසා ගැබිණි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
නිරිතදිග ජර්මනියේ, රෙවුට්ටින්ජෙන් අවන්හලක සේවය කළ මෙම තැනත්තා, එම අවන්හලේම සේවය කළ පෝලන්ත ජාතික කාන්තාවක් මෙසේ මන්නයෙන් පහරදී මරා දමා ඇත.
මෙම ප්රහාරයෙන් පසුව පළා යමින් සිටි මොහු, එම මාර්ගයේ ගමන් කළ අයෙකු විසින් සිය මෝටර් රථයෙන් හප්පවා පාලනය කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් මෙම ප්රහාරකයා අත්අඩංගුවට ගෙන තිබුණි.
ජර්මානු පොලීසිය පෙන්වා දෙන්නේ, මෙම ප්රහාරය කවර හේතුවක් නිසා සිදුවූයේ යන්න පිළිබඳ පැහැදිලි නොමැති බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය කියයි.
මීට පෙර, ජර්මනියේ සංගීත සංදර්ශනයක් පැවති ස්ථානයකද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබුණේ සිරියානු සංක්රමණිකයෙකු විසිනි.
මේ තත්ත්වය තුළ සංක්රමණිකයන්ට සිය රටේ දොරගුළු විවර කිරීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් වෙතද බලවත් විරෝධයක් රට තුළින්ම පැන නැගී ඇති බව විදෙස් වාර්තා පවසයි.