ජර්මනියේ නව ඒකාබද්ධ රජයක් වෙනුවෙන් සාකච්ඡා
ජර්මානු දේශපාලනයේ ඇතිවී තිබෙන අස්ථාවරත්වය තුරන් කිරීමේ අරමුණින් නව ඒකාබද්ධ රජයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා වටයකට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මුහුණ දී සිටියි.
ජර්මානු මැතිවරණය අවසන් වී මාස තුනකට අධික කාලයක් ගත වුවද නව රජයක් පිහිටුවා ගැනීමේ දුෂ්කරතාවකට පත්වීම තුළ මෙම නව සාකච්ඡා වටය ඇරඹුණු බව විදෙස් වාර්තා පවසයි.
දින පහක් පුරා දිවෙන මෙම සාකච්ඡා වටයට මාර්කෙල් නියෝජනය කරන ක්‍රිස්ටියන් ඩිමොක්‍රට්ස් (සීඩීයූ), එහි සහෝදර පක්ෂය වන ක්‍රිස්ටියන් සෝෂල් යූනියන් (සීඑස්යූ) සහ සෝෂල් ඩිමොක්‍රට්ස් යන පක්ෂ සම්බන්ධ වී සිටියි.
මෙය ජර්මනිය තුළ ස්ථාවර ඒකාබද්ධ රජයක් පිහිටුවීම සඳහා මාර්කෙල් සතු වන අවසන් අවස්ථාව ලෙස බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මධ්‍ය වාමාංශික එස්පීඩී පක්ෂය ඇන්ජෙලා මර්කල්ගේ මධ්‍ය වාමාංශික සීඩීයූ පක්ෂය සමග පසුගිය වසර 12ක කාලය තුළ වසර අටක කාලයක් අඛණ්ඩව රැඳී සිටියත්, 2017 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් මාර්කෙල් සන්ධානය ඓතිහාසික ලෙස අවම ප්‍රතිඵලයක් පෙන්වීමත් සමග එස්පීඩී පක්ෂයේ නායක මාර්ටින් ස්කූල්ස් සිය පක්ෂයද රැගෙන විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමත් සමග මෙම අර්බුදය උග්‍ර අතට හැරුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



