ජර්මනිය වෙත 300,000ක පමණ සංක්රමණික පිරිසක් මෙම වසර තුළදී ඇතුළු විය හැකි බව එරට ආගමන හා සංක්රමණ පිළිබඳ කාර්යාලය පවසයි.
එම කාර්යාලයේ ප්රධානී ෆ්රෑන්ක් වෙයිස් පවසන්නේ වැඩි සංක්රමණික පිරිසක් රටට ඇතුළු වීමට උත්සාහ කිරීම සිය කාර්යාලය අර්බුදයකට ලක්කිරීමක් බවය.
කෙසේ වෙතත්, දැනට පැමිණ සිටින පිරිස් ඔවුන්ගේ තක්සේරු අගයන් සමග පැවතීම නිසා මෙතෙක් එහි අර්බුදයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය වසරේදී මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය හා අප්රිකාව යන රටවල සිට මිලියනයකට අධික සංක්රමණික පිරිසක් ජර්මනිය වෙත ඇතුළු විය.