ජර්මනිය පුරා මිනිස් ජාවාරම් සහ බලහත්කාර වෛශ්‍යා වෘත්තියේ යොදවන බවට චෝදනා ලැබූ අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතර ජර්මානුවන් මෙන්ම තායිලන්ත ජාතිකයන්ද සිට ඇති අතර, මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් කමාන්ඩෝ භටයන් යොදාගෙන තිබේ.
ඒ අනුව, ජර්මනිය පුරා පැවති වෛශ්‍ය වෘත්තියේ යෙදෙන ස්ථාන රැසක් සහ ප්‍රාන්ත 12ක් පුරා මහල් නිවාස රැසක් ඉලක්ක කරමින් මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් විදේශිකයන් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන ජර්මනියේ රැඳී සිටි අය බව හෙළි වී ඇත.
මෙම අපරාධ කල්ලිය මෙහෙයවීම සඳහා අපරාධකරුවන් 17 දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, එහි ප්‍රධානියා ලෙස ජර්මානු ජාතිකයෙකු සහ ඔහුගේ තායිලන්ත ජාතික බිරිඳ අත්අඩංගුවට පත්ව තිබේ.
එහිදී, වෛශ්‍යාවන් ලෙස සේවයේ යොදවන පිරිස් මෙම අපරාධ කල්ලිය හරහාම විකිණී ඇති අතර, ඔවුන් උපයන ආදායමෙන් විශාල කොටසක් මෙම අපරාධ කල්ලිය තම භාරයට ගෙන ඇති බවද හෙළි වී ඇත.
ඔවුන්ට ව්‍යාජ ලෙස ජර්මනියට ඇතුළු වීමට ඉඩ ලබාදීම සඳහා වූ කප්පම් මුදල් ලෙස මෙසේ ඔවුන්ගේ සේවයට අදාළ මුදල් මෙම කල්ලිය විසින් ලබාගෙන ඇති බවද පොලීසිය විශ්වාස කරයි.