මානසික ආබාධයන්ගෙන් පෙලුණු පුද්ගලයන් රැඳී සිටි ජපානයේ නිවාසයකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.
මෙම ප්‍රහාරයෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියයි.
ජපානයේ මෙවැනි මනුෂ්‍ය ඝාතනය අතිශය විරල වන අතර, මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එරට සිදුවූ ප්‍රථම සමූහ මනුෂ්‍ය ලෙසද එරට මාධ්‍ය හඳුන්වයි.
බටහිර ටෝකියෝවේ, සගාමිහාරා හිදී මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, එම නිවාසයේම කලින් සේවය කළ සේවකයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ජපාන පොලීසිය පවසයි.
ඔහු පවසා ඇත්තේ, මෙම මානසික ආබාධයන්ගෙන් පෙළෙන්නන් අතුරුදන් කිරීමේ උවමනායෙන් මෙසේ කළ බවයි.
26 හැවිරිදි වියේ පසුවූ ඝාතකයා සටෝෂි උමෙට්සු නමින් ජපාන මාධ්‍ය හඳුනාගෙන තිබේ.
එරට වේලාවෙන් අලුයම 2.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර. ගොඩනැගිල්ල තුළ පිහියක් අමෝරාගත් පුද්ගලයෙකු සිටින බවට පොලීසියට ලැබුණු ඇමතුමකින් පොලීසිය සිද්ධිය වූ ස්ථානයට ළඟා වී තිබේ.
මෙම නිවාසයේ වයස අවුරුදු 18 ත් 70ත් අතර වයසේ පසුවූ මානසික ආබාධවලින් පෙළෙන්නන් රැඳී සිට තිබේ.
ප්‍රහාරකයා එහි ජනේලයක් බිඳ ඒ තුළට ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.