ජපානයේ තවදුරටත් භූකම්පන ඇති විය හැකි බවට පවතින බිය හේතුවෙන් එරට 250,000ක ආසන්න පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජපාන දූපත් කොදෙව්වට අයත් කියුෂු දූපතේ ඇති වූ ප්‍රබල භූ කම්පන දෙකෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 40කට ආසන්න බව කියැවෙයි.
කෙසේ වෙතත්, ජපාන කාලගුණ විද්‍යා ආයතනයේ අනතුරු ඇඟවීම්වලට අනුව ඉදිරි දින කිහිපය තුළ තවත් භූ කම්පන ඇති වීමේ අවදානමක් පවතී.
මේ අතර, එරට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත අතිරේක වෛද්‍ය කණ්ඩායම් පිටත් කොට ඇති බව ජපාන රතුකුරුස සමාජයේ උපදේශක නඕකි කොකාවා බී.බී.සී.ය වෙත පවසා තිබුණි.
මේ අතර, සුන්බුන්වලට සිරවී සිටින පිරිස් බේරාගැනීමේ සහන සේවකයන් 30,000ක් යොදවා ඇති බවත්, තවමත් පුද්ගලයන් 11 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් ජපාන බලධාරීහු පවසති.
.jpg)