ජපානයට බලපෑ ගංවතුරෙන් ජීවිත හානි 15යි - අතුරුදන් 15යි
ජපානයට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මේ වනවිට තවත් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු පවතින අතර, ඔවුන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් අරඹා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජූලි 05 වැනිදා සිට එරට ක්යුෂු දූපත් ආශ්‍රිතව මෙම ධාරාණිපාත වර්ෂාව වාර්තා වූ අතර, පැය 12කට අධික කාලයක් ඇද හැලුණු වර්ෂාවෙන් ගංගා පිටාර ගැලීම නිසා ජනාකීර්ණ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබුණි.
ගංවතුර සමග එක්ව ඇති මඩ තට්ටු මතින් සහන සේවකයෝ ජීවිත බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බවද විදෙස් වාර්තා පවසයි.
මෙහිදී, වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය ලෙස සැලකෙන්නේ ෆුකෝකා ප්රදේශයයි.
ජපානයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම් යොෂිහිඩේ සූගා ගංවතුර තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව නිල වශයෙන් දන්වමින් කියා සිටියේ අද (08දා) දිනයේ වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
එරට පොලීසිය, හමුදාව, ගිනි නිවන හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය යන සියලු බලකායන් හි 12,000ක පමණ පිරිසක් සහන මෙහෙයුම්වල නිරතව සිටිති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

