ජපානයේ, ටෝකියෝවට කිලෝ මීටර් 180ක් උතුරින් නාසු ප්‍රදේශයේ සිදුවූ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් එරට පාසලක ජ්‍යෙෂ්ඨ සිසුන් අට දෙනෙකු අතුරුදන්ව ඇත.
සඳුදා උදෑසන කාලයේදී මෙම හිම කඳු කඩා වැටීම සිදුව තිබූ අතර, මෙම අනතුරින් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ජපානයේ ක්යෝදෝ පුවත් ඒජන්සිය පවසන්නේ මෙම සිසුන් පිරිස අතුරදන්ව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සිසුන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කළත් බොහෝ විට ඔවුන් ජීවතුන් අතර නොමැති බව විශ්වාසය වී තිබේ.
මෙම හිම කඳු තරණයට 70ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර, ඒ අතර පාසල් දරුවන් මෙන්ම එම පාසල්වල ගුරුභවතුන්ද සහභාගී වී තිබුණි. සහන කණ්ඩායම්වල මෙහෙයුම්වලට අයහපත් කාලගුණයෙන් දැඩි පීඩා පවතින බවද කියැවෙයි.