දකුණුදිග ජපානයේ කර්මාන්ත ශාලා බහුල ප්රදේශයක ඇති වූ රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනයෙන් මියගිය පිරිස 42 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය බ්රහස්පතින්දා සිට ක්යුෂු දූපතේ ඇති වූ ප්රබල භූ කම්පන ද්විත්යෙන් පීඩාවට පත්වූවන් මුදාගැනීමේ හා ඔවුන්ට සහන සැලසීමේ සේවා සඳහා 30,000 ක සහන සේවකයන් පිරිසක් යොදවා ඇති බව ජපාන බලධාරීහු පවසති.
තවදුරටත් අතුරුදන් වූවන් සිටින බවත්. ඒ මිනිස් ජීවිත සොයා ගැනීම හා බේරාගැනීම තම මූලක අභිප්රාය බවත් ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ පවසා සිටියේය.
ජපාන භූ කම්පනය හේතුවෙන් එරට කොටස් වෙළෙඳ පොළේද කඩා වැටීමක් වාර්තා වෙයි.
විශේෂයෙන් සැපයුම් සමාගම්වලට භූ කම්පනයෙන් හානි සිදුවීම නිසා හොන්ඩා, ටොයෝටා සෝනි ආදී කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අඩපණ වී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.