ඇ.ඩො.බිලියන කාලක පමණ ආයෝජනයක් සිදුකරමින් අභ්‍යවකාශ ගතකරන ලද ජපාන චන්ද්‍රිකාවක් පාලනයෙන් ගිලිහීම හේතුවෙන් එරට විද්‍යාඥයෝ දැඩි අර්බුදයකට ලක්ව සිටිති.
හිටෝමි හෙවත් කළු ඉංගිරියාව යන අර්ථය ගෙනදුන් මෙම චන්ද්‍රිකාව පසුගිය මාසයේදී අභ්‍යවකාශය වෙත පිටත්කර හැරිණි.
අභ්‍යවකාශයේ වූ කළු කුහර, නියුට්‍රෝන තාරකා, මන්දාකිණි වළලු පරීක්ෂා කිරීමේ පරමාර්ථයෙන්ම මෙකී චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරුණු බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, චන්ද්‍රිකාව යළි සිය පාලනයට නතු කරගැනීම ඵල රහිත කටයුත්තක් වෙමින් පවතින බව ජපානයෙන් වාර්තා වෙයි.