ජපානය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකරන තල්මසුන් දඩයම කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වෙනුවෙන් සිදුනොකරන්නක් බව යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබේ.
ජපානය සෑම වසරකම තල්මසුන් 1,000ක් පමණ දඩයම් කරන අතර, මෙම තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා සිදුකරන්නක් ලෙස ඔවුන් හඳුන්වයි.
කෙසේ වෙතත් ජපානයේ මේ තල්මසුන් දඩයම් කිරීමේ වැඩසටහනට එරෙහිව 2010 මැයි මාසයේදී ඔස්ට්‍රේලියාව විසින් යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය වෙත නඩුවක් ගොනුකළ අතර, මෙම තල්මස් දඩයම වාණිජ පරමාර්ථයෙන් සිදුවන්නක් බව පෙන්වා දුන්නේය.
අධිකරණ තීන්දුවකට තමන් හිස නමන බව ජපානය මීට පෙර කියා තිබුණු නිසා, ජාත්‍යන්තර අධිකරණයේ මෙම තීන්දුව නෛතික වශයෙන් ජපානයේ බැඳ තබන්නක් බව කියැවෙයි.
ඒ අනුව, යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ සභාපති, විනිසුරු පීටර් ටොම්කා අද (31දා) ලබාදුන් තීන්දුවත් සමග ජපනුන්ගේ තල්මස් දඩයම තාවකාලිකව නවතිනු ඇත.