තම පෞද්ගලික නිවසක් වෙනුවෙන් වැය කළ රජයේ මුදල් යළි රජයට ගෙවීමට අපොහොසත් වෙමින්, දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ව්‍යවස්ථා උල්ලංඝනයක් සිදුකර ඇති බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
ඒ අනුව, කොපමණ මුදලක් රජය වෙත අය විය යුතුද යන්න පිළිබඳ සොයා බලන ලෙස දින 60ක කාලයක් එරට මහා භාණ්ඩාගාරයට ලබාදී තිබේ.
ජේකෝබ් සූමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන දකුණු අප්‍රිකානු විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් ලෙසද මෙම අවස්ථාව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඔවුන් චෝදනා කළේ රජයේ මුදල් අවභාවිතයේ යොදවමින් තම පෞද්ගලික නිවාසය සඳහා සුවිශේසී වරප්‍රසාද ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපති සූමා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.