ලෝක බලවතුන්ගේ ආදර කතා පිළිබඳ ප්රවෘත්ති එනවිට ගලාගෙන එන්නේ උදම් රළක් ලෙසිනි. යුරෝපය හරහා ඇමෙරිකාවට බලපෑ පෙම් උදම් රළ දැන් බලපා ඇත්තේ රුසියාවටය.
රුසියානු ජනාධිපතිවරයාගේ ආදර කතා පිළිබඳ පැවති ආරංචි අලුත් වූයේ සෝචි ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළත් සමගය. ඒ ඔහුගේ පෙම්වතිය බවට කටකතා පැවති හිටපු ජිම්නාස්ටික් ශූරියක වූ 30 හැවිරිදි අලීනා කබයේවා මාධ්‍යයට අදහස් දක්වමින් සිටියදී සිය මංගල මුදුව කැමරාවට පෙන්වීම නිසාය.
මේ මුදුව පිළිබඳ මෙතරම් කතා කිරීම ඇරඹෙන්නේ මීට සතියකට පෙර 61 හැවිරිදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ද ඊජිප්තු ආරක්ෂක අමාත්‍යවරයා හමුවන අවස්ථාවේදී මංගල මුදුවක් පැළඳ සිටි නිසාය.
රුසියානු කාන්තාවන් තම මංගල මුදුව පළඳින්නේ දකුණු අතේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වැල්ඩායි නගරයේදී කබයේවා මෙනෙවිය සමග පූටින් විවාහ ගිවිස ගත් බවට කටකතා පැතිර ගිය අතර පසුව ක්‍රෙම්ලීනය එම කටකතා ප්‍රතික්ෂේප කළේය.
මෙම කටකතාවට හේතුවූයේ රුසියානු දේශපාලඥයෙකු වූ ඇලෙක්සි නවල්නි විසින් ට්විටර් අඩවියේ මෙම විවාහය පිළිබඳ පුවත හෙළිකිරීමත් සමගය.
කෙසේ වෙතත් ක්‍රෙම්ලීනය මෙම අලුත් කටකතාවද ප්‍රතික්ෂේප කරමින් සිටියත්, සුරූපී අලීනා යනු පූටින්ගේ සිත්ගත් රුවැත්තියක් බව පූටින් ගැන දන්නා බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේ නොකියන රහසක් බවද විදෙස් පුවත් සේවා අනාවරණය කරන්නකි.