ලතින් ඇමෙරිකානු කලාපයේ වඩාත් කැපී පෙනෙන විප්ලවීය නායකයෙකු ලෙස සැලකෙන අර්නෙස්ටෝ චේ ගුවේරාගේ බාල පුත් අර්නෙස්ටෝ ගුවේරා කියුබාවේ යතුරුපැදි සංචාරක ව්‍යාපාරක නිරත වෙයි.
වර්ෂ 1967 ඔක්තෝබර් 09 වැනිදා චේ ගුවේරා බොලීවියාවේදී මරා දැමුණු අතර, ඊයේ (09දා) දිනයට ඔහු දිවියෙන් සමුගෙන වසර 50ක් ගතවෙයි.
කොට සහිත රැවුලක්, පියාගෙන්ම ලද නාසයක් මෙන්ම, පියාගේ සුරුට්ටුවටද උරුමකම් කියන අර්නෙස්ටෝ ග්වේරා තම පියාගෙන් ලැබූ සුවිශේෂීම දායාදය ලෙස සලකන්නේ විප්ලවය නොව, යතුරුපැදි උන්මාදයයි.
මම හැම තිස්සෙම ආදරේ කළේ යන්ත්‍රවලට, වේගයට, යතුරුපැදිවලට, කාර්වලට 52 වැනි වියෙහි පසුවන අර්නෙස්ටෝ පවසයි. සිය පියාගෙන් පසුව අර්නෙස්ටෝ නම ලැබූ ඔහු, කියුබාවේ හවානා නගරයේ වූ හාර්ලි ඩේවිඩ්සන් තේමාවෙන් යුතු සැරබීම හලකින් සප්පායම් වෙමින් මෙසේ අදහස් දැක්වීය.
කුඩා අවධියේදී යතුරුපැදි හා මෝටර් රථ අලුත් වැඩියාවට මා විශාල ඇල්මක් දැක්වූවා. මම හිතන්නෙ මේක මගේ පියාගෙන් ආපු අභාසයක් වෙන්න ඇති. කොහොම වුණත් ඊට මම විශාල ලෙස ආදරය කළා.
කෙසේ වෙතත්, චේ ගුවේරාගේ බාල පුතා අද සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ වෙනස්ම වූ මාර්ගයකි.
ඔහු යතුරුපැදි සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, මෙම ව්‍යාපාරය හා චේ අතර පවතින එකම සම්බන්ධතාව නම පමණි.
ලා පෙඩෙරෝසා ටුවර්ස් යනුවෙන් හැඳින්වෙන මෙම ව්‍යාපාරය විදෙස් අරමුදල් යටතේ ගොඩනැගුණු ව්‍යාපාරයක් වන අතර, එය රජයට අනුබද්ධ කියුබානු සමාගම් කිහිපයක් සමගම කටයුතු කරයි.
2010 වසරේ රාහුල් කැස්ත්‍රෝ කියුබාවේ බලයට පත්වීමත් සමග ඇති වූ පෞද්ගලික සමාගම්වල නැගිටීම චේ පුතාගේ ව්‍යාපාරයේ නැගිටීමටද හේතු වී ඇත.
ඔහුගේ යතුරුපැදි සංචාරක ව්‍යාපාරය කියුබාව වෙත පැමිණෙන සංචාරකයන් වැඩි ආකර්ෂණයක් ලැබූ ව්‍යාපාරයක් වන අතර, යතුරුපැදිය දිවයිනේ සොඳුරු සංචාරක ඉසව්වෙත ගමන් කිරීමට වඩාත් යෝග්‍ය මාධ්‍යයද වී තිබේ.
මේ නිසාම, ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය සහ ආර්ජන්ටිනාව යන රටවලින් කියුබාව වෙත සංචාරකයන් පැමිණෙයි.
මෙම සංචාරකයකට පැමිණි ආර්ජන්ටිනා ජාතිකයෙකු කියා සිටියේ යතුරුපැදිවල නැගී ලෝක සංචාරයක නිරත වීම තම අභිප්‍රාය බවයි. කෙසේ වෙතත්, තමන් විශේෂයෙන්ම කියුබාවට පැමිණියේ තම උපන් ගම්මානය වූ කොර්ඩෝබා නගරයේ වසර ගණනාවක් චේ ගුවේරා ජීවත් වූ නිසා බවද හෙතෙම පවසයි. ඒ නිසාම මේ විශේෂ චරිතය, සමග ඇති සබඳතාව ඇඟට දැනීමට තමන් චේ පුතා මෙහෙයවන යතුරුපැදි සංචාරයට එක්වූ බව හෙතෙම පැවසීය.
කියුබානු ජාතික ඇලෙයිඩා මාර්ච් හෙවත් චේ ගුවේරාගේ දෙවැනි කසාදයේ බාල පුතා වන අර්නෙස්ටෝ ගුවේරා මාර්ච් පවසන්නේ තමන් අතීත සබඳතා ගලපා ගැනීමකින් තොරව තමන් ස්වෝත්සාහයෙන් නැගී සිටි මනුෂ්‍යයෙකු ලෙස පෙනී සිටීමට කැමති බවයි.