චීනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය සෝවු යොන්ග්කැන්ග් විනය කඩකිරීම් සම්බන්ධ චෝදනාවන් ගැන විශේෂ පරීක්ෂණයකට මුහුණ දෙනු ඇති බව එරට රජයේ ප්රවෘත්ති සේවා පවසයි.
ඉතා ඉහළ බලයක් උරුමව පැවති හිටපු අමාත්‍යවරයා පසුගිය මාස කිහිපය තුළ එතරම් ප්‍රසිද්ධියේ නොසිටියේය.
එරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හෙතෙම එරට තීරණ ගැනීමේ ප්‍රධාන මණ්ඩලය වන, දේශපාලන මණ්ඩලයේද සාමාජිකයෙකු විය.
කෙසේ වෙතත් මේ තීරණය සම්බන්ධයෙන් එරට දේශපාලන අධිකාරිය තුළ කම්පනයක් අතිකර ඇති බවද කියැවෙයි.