නිරිතදිග චීනයේ, සීචුආන් පළාතට බලපෑ රික්ටර් පරිමාණ 6.5ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය අධික ජනගහනයක් ජීවත්වන උතුරු සීචුආන් පළාතේ පිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මේ නිසාම මියගිය සංඛ්‍යාව මිට වඩා වැඩිවිය හැකි බවටද වාර්තා පවතින අතර, අපිකේන්ද්‍රය පිහිටි ප්‍රදේශය සංචාරක පාරාදීසයක් බවද සඳහන් වෙයි.
චීනයේ සීචුආන් පළාත භූ කම්පනයන්ට නිතර බඳුන්වන කලාපයක් වන අතර, 2008 වසරේදී එහි ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 70,000ක් ජීවිතක්ෂයට පත්වූහ.