චීනයේ, ෂින්ජියෑන්ග් පළාතේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට වේලාවෙන් උදෑසන 5.58 ට පමණ සිදුව ඇති මෙම භූ කම්පන රික්ටර් පිමාණ 5.4ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය පෞරාණික සේද මාවත නගරයක් වූ කෂ්ගර් නගරයට කිලෝමීටර් 213ක් පමණ දුරින් සිදුව තිබේ.
චීන මාධ්‍ය වාර්තාවන්ට අනුව භූ කම්පනය හේතුවෙන් නිවාස 1,500කට පමණ අලාභානි සිදුව ඇත. ඒ අනුව, ඇතැම් පිරිස් තම නිවාසවලටම යටව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.
මෙම භූ කම්පනයෙන් දැඩි අලාභානි සිදුව ඇති නගරය ලෙස ක්වාස්ගුන් සැලකෙන අතර, එහි පුද්ගලයන් 449ක් පමණ ජීවත්වන බව කියැවෙයි.
මේ වනවිට සහන කණ්ඩායම් සුන්බුන්වලට යටව සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන බවත්, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වැඩිවිය හැකි බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.