ලෝක සෞඛ්යස සංවිධානය විසින් දක්වා ඇති සීමාවට වඩා 20 ගුණයක පරසර දූෂණයක් චීනයේ බීජිං නගරයේ පවතින බවත්, එය අතිශය දරුණු තත්ත්වයකට ගමන් කර ඇති බවත් වාර්තා වෙයි.
පසුගිය සෙනසුරාදා සිට බීජිං නුවර පවතින ඝන දුම් වලාව හේතුවෙන් අවම ආලෝකයක් පතිත වන බවත්, අවට දර්ශනය වීම අපැහැදිලි බවත් කියයි.
මේ නිසා නගරයේ බොහෝ දෙනා ආරක්ෂිත මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකි බවත් කියයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෝටර් රථවලින් පිටවන වායු විමෝචනය, කර්මාන්තශාලා හා ඉදිකිරීම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
මේ ආකාරයේ අධික දුමාරයකින් වැසී යන තත්ත්වයන් වරින් වර චීනයේ කාර්මික නගර ආශ්රිතව පසුගිය කාලය පුරාවට දැකිය හැකි විය.