චීනය හා ඉන්දියාව අතර හිමාල උණුසුම ඔඩුදුවයි
හිමාලයේ තමන්ගේ පාලනයේ පවතින කලාපයෙන් ඉන්දීය හමුදා ඉවත්කර ගැනීමට අපොහොසත් වුවහොත් බරපතළ ප්රතිවිපාකවලට මුහුණපෑමට සිදුවනු ඇති බවට චීනය විසින් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
හිමාලයේ පිහිටි ඩොක්ලාම් දේශසීමාවේ මෙම විවාදයට තුඩුදුන් ප්රදේශය සැබවින්ම භූතානයට අයත් එකක් බව සඳහන් විය.
කෙසේ වෙතත්, මතභේදයකට තුඩු දී පවතින එම කලාපයට තම හමුදා යවන ලද්දේ චීනය විසින් එහි නීති විරෝධීව මාර්ගයක් තනමින් සිටින නිසා බවත්, එය නතර කිරීම තම අරමුණ වූ බවත් ඉන්දියාව කියයි.
නමුත්, චීනය පවසන්නේ ඉන්දියාව විශාල හමුදාවක් යොදවා ඒ ප්රදේශයේ මාර්ගයක් ඉදිකරමින් සිටින බවය.
ඉන්දියාව මුල සිටම භූතානයේ හොඳහිත දිනාගනිමින් කටයුතු කළ අතර, මෙවරද මෙම ප්රශ්නය හමුවේ භූතානය ඉන්දියාවේ සහාය පතා ඇති බව සඳහන් වෙයි.
1960 දශකයේදීද දේශසීමා මුල් කරගනිමින් ඉන්දු - චීන දේශසීමාවේ සටන් ඇවිලුණු අතර, වර්තමානයේදී කලාපයේ ප්රබල බලවතුන් දෙදෙනෙකු ලෙසෙ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය ඒ අතීත අලුයට ගිනි පුපුරුවල නැගී සිටීමක් විය හැකි බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

