බෝයිං සහ එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම්වලට අභියෝගයක් වෙමින්, චීනයේ නිෂ්පාදිත විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගුවන් ගමන සාර්ථකව අවසන් කළ බව විදෙස් වාර්තා පවසයි.
විනාඩි 90කට වැඩි කාලයක් ගුවනේ ගත කළ මෙම මගී ගුවන් යානය ෂැංහයි නුවර ප්යුඩොං ගුවන්තොටුපොළ වෙත සාර්ථකව ගොඩබස්වා තිබේ.
ගෝලීය ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්රය වෙත චීන ආගමනය පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස මෙම දැවැන්ත යානය සැලකෙයි.
චීන රජය යටතේ ක්රියාත්මක වන කෝමැක් සමාගම විසින් නිෂ්පාදිත මෙම යානයේ නිෂ්පාදන කටයුතු 2008 වසරේ සිට සැලසුම් කර තිබූ අතර, එය අවස්ථා කිහිපයකදීම පසුපසට තල්ලු වුවත්, මේ වනවිට එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට චීනය උත්සුක වී තිබේ.
සිය මංගල ගමන් වාරයේදී යානයේ ගමන්කර තිබුණේ යානයේ කාර්ය මණ්ඩලයේ නියුතු ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් කිහිප දෙනෙකු පමණි.
කෙසේ වෙතත්, යානය සිය මංගල පියාසැරිය දැකගැනීම සඳහා ආරාධිතයන් ප්රමුඛ දස දහස් ගණනක් ජනයා පෙළ ගැසී සිටි බව සඳහන් වෙයි.
.jpg)