වසර තුනකට පසුව චීනය, ජපානය හා දකුණු කොරියාව එකම මේසයකට පැමිණ සිය රටවල් අතර වෙළෙඳ හා ආරක්ෂක සබඳතා සම්පූර්ණයෙන්ම යළිත් ස්ථාපිත කිරීමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
2012 වසරින් පසුව මේ දක්වා පවත්වා නොතිබූ මෙම පාර්ශ්වයන් අතර නිරන්තර සාකච්ඡා පැවැත්වීමටද ඔවුන් එකඟත්වයකට පැමිණ තිබේ.
එමෙන්ම, ඉහළ ආර්ථික සහයෝගීතාවක් වෙනුවෙන් වූ එකඟත්වයකටද මෙම සාකච්ඡාවේදී ඔවුන් පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති මෙම සාකච්ඡා වටයේදී අසල්වාසීන් අතර කාලාන්තරයක් තිස්සේ පවතින දේශසීමා අර්බුද මෙන්ම, ඓතිහාසික නෝක්කාඩු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.