චීනය වෙත අහිතකර බලපෑම් එල්ල කරන බවට විශ්වාස කෙරෙන වෙබ් අඩවි වසා දැමීම වෙනුවෙන් පුහුණුව ලබාදෙන විශේෂ අන්තර්ජාල මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය බ්රහස්පතින්දා දිනයේ සිදුවූ මෙම මෙහෙයුමේදී ඇතැම් වෙබ් අඩවිවල හිමිකරුවන්ගේ පෞද්ගලික හඳුනාගැනීමේ දත්ත ලබාගැනීමට දත්ත මධස්ථාන වෙත බලකිරීමක්ද සිදුකර තිබේ.
මේ වනවිටත් චීනය සිය රට පුරා අන්තර්ජාලයේ දැඩි පාලයක් ක්රියාත්මක කරන බව නොරහසකි.
අනත්ර්ජාල පරිශීලකයන්ට බලධාරීන්ගේ කතුරට හසුවන හා විමර්ශණයට ලක් නොවී අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව ලබාදෙන පී,පී.එන්ස් හෙවත් වර්චුවල් ප්රයිවට් නෙට්වර්ක් දත්ත ජාලයන් ඉවත් කිරීමටද බීජිං පාලනය පසුගියදා කටයුතු කළේය.