චීන ජනපති ෂී ජින්පින් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ළඟදීම සිදුවීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
චීන රජය නිවේදනය කරන පරිදි ෆ්ලොරීඩා හි ට්‍රම්ප්ට අයත් මාර්-අ-ලාර්ගෝ රිසෝට් හිදී අප්‍රේල් 6 සහ 7 යන දිනවල මෙම හමුව සංවිධානය වීමට නියමිතය.
ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගනුදෙනු මෙන්ම, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙම හමුවෙහි ප්‍රධාන මාතෘකා බවට පත්වනු ඇත.