ෂැංහයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පර්යන්තයක් වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝතලයකින් දමා ගැසීම නිසා පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා තිබේ.
දෙවැනි මගී පර්යන්තයේ ගුවන් මගීන් පරීක්ෂා කරන කවුළුවක් අසලට මෙම බෝම්බය දමා ගැසූ පුද්ගලයා පසුව පිහියකින් සිය ගෙල සිඳ ගැනීමෙන් තුවාල සිදුකරගෙන ඇති බවද කියයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ තමන් ගුවන් තොටුපොළේ රැඳී සිටින අවස්ථාවේදී විශාල ශබ්දයක් ගුවන් තොටුපොළ තුළින් නිකුත් වූ බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, ගෙල සිඳගත් ප්‍රහාරකයාගේ තත්ත්වය බරපතල බවත් චීන බලධාරීහු පවසති.