නිරිතදිග චීණයේ, සීචුආන් ප්‍රදේශයට බලපෑ භූ කම්පනය රික්ටර් පරිමාණ 7.0ක් බවත්, මේ වනවිට ඉන් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 19 ඉක්මවන බවත් විදෙස් වාර්තා පවසයි.
මෙය රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයක් ලෙස මූලිකව හඳුනා ගැනුණත්, පසුව එය රික්ටර් පරිමාණ 7.0ක භූ කම්පනයක අතිශය ප්‍රබල භූ කම්පනයක් බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරනු ලැබීය.
එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පිරිස 250කට ආසන්න බවත්, මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීට අමතරව, ෂින්ජියෑන්ග් ප්‍රදේශයේ ඇති වූ රික්ටර් පරිමාණ 6.6ක තවත් භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
සීචුආන් භූ කම්පනය හේතුවෙන් මියගිය පිරිස අතර සංචාරකයන් 6 දෙනෙකු සිටින අතර, පුද්ගලයන් 45,000ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
2008 වසරේදී මෙම ප්‍රදේශය ආශ්‍රිතවම ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල පිරිසකට සිය ජීවිත අහිමි විය.