චීනය සිය ප්‍රථම විදෙස් හමුදා කඳවුර අප්‍රිකානු මහද්වීපයේ ජිබුටි රාජ්‍ය තුළ පිහිටුවීම සඳහා හමුදා කණ්ඩායමක් පිටත්කර යවා තිබේ.
මෙම හමුදා රැගත් චීන නෞකාව මේ වනවිට ජිබුටි වෙත ළඟාවෙමින් තිබෙන බවත්, අප්‍රිකාව හා බටහිර අප්‍රිකානු කලාපය තුළ සාමසාධක හමුදාවක් ලෙසත්, මානුෂීය මෙහෙයුම් සඳහාත් තම හමුදා යොදාගැනෙනු ඇති බව චීනය පවසයි.
එමෙන්ම, මෙම හමුදා කඳවුරේ භටයන් ඒකාබද්ධ හමුදා මෙහෙයුම්, නාවික හමුදා අභ්‍යාස සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දායක කරගැනීමටද චීනය බලාපොරොත්තු වෙයි.
චීනය මේ වනවිට අප්‍රිකාව තුළ දැවැන්ත ආයෝජන ව්‍යපාති සිදුකරමින් පවතින අතරම, මෑතකාලයේ සිට සිය හමුදා ශක්තිය වඩාත් වේගයෙන් නවීකරණය කරමින්ද සිටියි.
මෙම හමුදා රැගත් නෞකාව සාන්ජියාන්ග් වරායෙන් පිටත්ව ගොස් ඇති බව ෂිංහුවා පුවත් සේවය පැවසුවත්, මේ සඳහා කොපමණ භට පිරිසක් ජිබුටි රාජ්‍ය වෙත පිටත්කර හරිනවාද යන්න සඳහන් කර ඇත.
.jpg)