චීනයේ නිවර්තන කලාපයට අයත් හයිනාන් දූපත බොහෝ කාලයක සිට වඩාත් ජනප්‍රියව පැවතියේ නිරුවතින් අව්රශ්මිය විඳින හා මුහුදේ ස්නානය කරන සංචාරකයන්ගෙනි.
වඩාත් සුන්දර මුහුදු වෙරළකට උරුමකම් කියූ නිසා නිදහසේ තම සිතැඟි පරදි නිරුවතින් වැල්ලේ වැතිර සිටීමට කැමති චින මෙන්ම විදේශීය සංචාරකයන්ද මේ දූපත වෙත පැමිණියේය.
කෙසේ වෙතත්, මෑතක සිට අදාල දූපතේ වෙරළ තීරයේ නිරුවතින් ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව කියැවෙයි.
මෙම දූපතේ කොමියුනිස්ට් පක්ෂ නායකයා පවසා ඇත්තේ නිරුවතින් හැසිරීම ශිෂ්ඨසම්පන්න සමාජයට නොගැළපෙන්නක් මෙන්ම, එය චීන වැසියන්ට අවැසි ක්‍රියාවක් නොවන බවය.
“මින්පසු කිසිම කෙනෙකුට ප්‍රසිද්ධියේ නිරුවතින් අව්ව තපින්න හෝ ස්නානයට කිසිම අවසරයක් නැහැ” ඔහු වෙරළ තීරය පුරාවට දැන්වීම් පුවරු සවිකර තිබේ.
මේ අතර එසේ අසංවරව හැසිරෙන පුද්ගලයන් සිටින්නේ දැයි සොයාබැලීමට දූපත ආශ්‍රිතව වෙරළ තීරයේ පොලීසියද යොදවා ඇති අතර, ඔවුන් ශබ්ද විකාශයන යන්ත්‍රවලින් නිතර අවවාදාත්මක පණිවුඩ නිකුත් කරයි.
කෙසේ වෙතත් මෙසේ නිරුවතින් වැලිලේ සිටින හා ස්නානය කරන වැඩි පිරිසක් මැදි වයසේ පිරිමින් බව කියැවෙයි. ඇතැම් කාලවලට ඔවුන් විශාල වශයෙන් එසේ සිටින ආකාරය මෙම දූපත ආශ්‍රිතව දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දක්වන චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ මැදි වයසේ චීන පිරිමින් ඒ නිදහසට දැඩි කැමැත්තක් දක්වන බවයි. තමන්ට යළි ස්වභාවිකත්වය සමග බද්ධ වූ හැඟීමක් නිරුවතින් වැල්ලේ සිටින විට ලැබෙන බව ඔවුන් පවසන්නේ යැයි චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.