චීන කතක් ආරක්ෂිත එක්ස් කිරණ යන්ත්‍රයකට නැගලා
චීනයේ දුම්රිය ස්ථානයක මගීන්ගේ ගමන්මලු ආරක්ෂිත එක්ස් කිරණ පරීක්ෂාවකට ලක්කිරීමේදී තම අත්බෑගය සොරා ගනීවි යැයි බියෙන් චීන කාන්තාවක්ද එක්ස් කිරණ යන්ත්‍රය තුළින් සිය බෑගය සමග ගමන් කර ඇති පුවතක් වාර්තා වෙයි.
දකුණුදිග චීනයේ ඩොන්ග්ගුවාන් දුම්රිය ස්ථානයේදී සිදුවූ මෙම අසාමාන්‍ය සිදුවීම දැකීමෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ද පුදුමයට පත්ව ඇත්තේ සිය එක්ස් කිරණ තිරයන් හි මිනිස් රුවක් දැකගැනීමට ලැබීමත් සමගිනි.
චන්ද්‍ර නව වර්ෂය සමග දුම්රිය මගීන් රැසක් දුම්රිය ස්ථාන වෙත පැමිණ සිටි මොහොතක මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව ඇති අතර, මෙය එරට සමාජජාල මාධ්‍යවල වඩාත් හාස්‍ය කැටිකළ සිදුවීමක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, අදාළ එක්ස් කිරණ යන්ත්‍රය තුළින් අවසානයේදී එම කාන්තාවගේ බෑගයට අමතරව, කාන්තවද එක්ස් කිරණ පරීක්ෂාවකට ලක්වී තිබේ.
කෙසේ වෙතත්, මෙම උත්සව සමයේදී චීන මගීන්ගේ ගමන්මලු තුළ විශාල වශයෙන් මුදල් රැගෙන යන බව සත්‍යයක් වන අතර, ඇයද මෙවැනි අනවශ්‍ය බියක් ඇති කරගෙන ඇත්තේ ඒ නිසා විය හැකි බව චීන මාධ්‍ය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



