චීනයේ අධිවේගී දුම්රිය පද්ධතිය යළිත් වරක් ලොව වේගවත්ම අධිවේගී දුම්රිය සේවය ලෙස එළිදැකීමට නියමිතය.
චීනයේ අධිවේගී බුලට් දුම්රිය පද්ධතිය පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයකට සීමා කිරීමට එරට බලධාරීන්ට සිදුවූයේ 2011 වසරේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ජීවිත හානි 40ක් සිදුවීමත් සමගිනි.
කෙසේ වෙතත්, ලබන සතියේදී ඔවුන් යළි එළිදක්වන අධිවේගී දුම්රිය සේවය පැයට කිලෝමීටර් 350ක වේගයක් ඉක්මවමින් ධාවනය කෙරෙනු ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව, මෙම දුම්රිය සිය උපරිම වේගයෙන් ගමන් කිරීමේදී බීජිං නුවර සිට ෂැංහයි නුවර දක්වා වූ ගමන් කාලය පැයකින් අඩුවන බවද සඳහන් වෙයි.
එමෙන්ම, සැප්තැම්බර් 21 වැනිදා සිට එරට අධිවේගී බුලට් දුම්රිය 21ක් සිය උපරිම වේගයෙන් ධාවනය කිරීමට යළි අවසර ලබන බවද චීන බලධාරීහු පවසති.
අධිවේගී දුම්රිය සේවාව යළි ස්ථාපිත කිරීමත් සමග මෙම දුම්රිය සඳහා 'ෆියුක්සින්' හෙවත් 'තිරිහන්වීම' යන නම ලබාදීමටද චීන බලධාරීන් වැඩිදුටත් කටයුතු කර ඇත.