චිනයේ උතුරුදිග බීජිං අගනගරය ඇතුළු ප්රදේශ රැසකට දූලි කුණාටු බලපා ඇති බවත්, චීනය මුහුණදෙන වායු දූෂණයේ අලුත්ම තත්ත්වය මෙය බවත් විදෙස් වාර්තා පවසයි.
ලෝක සෞඛය සංවිධානය විසින් නිරේදේශිත වායුගෝලයේ සම්මත තත්ත්වයන්ට වඩා විශාල අන්දමින් වායු දූෂණයක් මේ වනවිට එම ප්රදේශවල පවතින බව සඳහන් වේ.
මේ නිසා චීන බලධාරීන් විසින් එම වැසියන්ට උපදෙස් ලබාදී ඇත්තේ හැකිතරම් පිටස්තර කටයුතුවලින් ඉවත්ව, වැඩිහිටි හා ළාබාල දරුවන් නිවෙස් තුළම රඳවාගන්නා ලෙසයි.
මෙම දූලි වළාවන් අසල්වාසී මොංගෝලියාව හා මොංගෝලියා ස්වයංපාලන කලාපයේ සිට පැමිණෙන බව කාලගුණ අංශ පවසයි.

.jpg)