චාර්ලි හෙබ්දෝට එරෙහිව නයිගර් හි පල්ලි ගිනි තබලා
ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ සඟරාව මගින් තම ආගමට නිගාදුන්නේ යැයි පවසමින් ප්රකෝපකාරී ලෙස හැසිරුණු නයිගර් වැසියන් එරට ක්‍රිස්තියානි දේවස්ථාන 6ක් ගිනිබත් කොට, පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අතීතයේදි ප්‍රංශ කොලනියක් වූ නයිගර් හි නියාමෙයි ප්‍රධාන ක්‍රිස්තියානි දේවස්ථානය අසලින් ආරම්භ වූ විරෝධතාව පසුව රට පුරා පැතිරී ගොස් ඇති බව කියයි.
නයිගර් ජනාධිපතිවරයා මෙම ප්‍රහාර තරයේ හෙලා දකිමින් වහාම සන්සුන් වන ලෙස සිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මීට සති දෙකකට පෙර පැරීසියේ චාර්ලි හෙබ්දෝ කාර්යාලයට කඩා වැදුණු ජිහාඩ් අන්තවාදීන් එහි මාධ්‍යවේදීන් ඇතුළු 12 දෙනෙකු ඝාතනය කර තිබුණි.
ඉන් අනතුරුව පළ වූ චාර්ලි හෙබ්දෝ සඟරාව මගින් මෙම ආගමික නිගාව සිදුව ඇති බව පවසා මේ ආකාරයේ කලහකාරී හැසිරීම් ලොව පුරා අන්තවාදී මුස්ලිම් කොටස් තුළින් මතුව පැමිණි බව විදෙස් වාර්තා පවසයි.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

