චාර්ලි ගාඩ් වෙනුවෙන් පාප් වහන්සේ හා ට්‍රම්ප් ඉදිරියට
දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යන්ත්‍රානුසාරයෙන් ජීවිතය ගෙවන මාස 10ක චාර්ලි ගාඩ් බිළිඳාට දිගටම ප්‍රතිකාර කිරීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහසුකම් සලසා තිබේ.
මෙම දරුවාට කෘත්‍රිම ශ්වසනය ලබාදෙන යන්ත්‍රය සිකුරාදා දිනයේදී ගලවා දමනු ඇති බවට එම දරුවාගේ දෙමවුපියන් බලාපොරොත්තු වුවත්, පාප් වහන්සේගේ සහ ට්‍රම්ප්ගේ මැදිහත් වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික බිළිඳා කෙරෙහි තවදුරටත් බලාපොරොත්තුවක් තැබීමට එම දෙමවුපියන්ට හැකිවී තිබේ.
වතිකානුව පවසා සිටියේ මෙම දරුවා පිළිබඳව පාප් වහන්සේ මුල සිටම අවධානයෙන් පසුවූ බවයි. එමෙන්ම, ටිව්ටර් පණිවුඩයකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාද චාර්ලි බිළිඳාට උදව් කරන බව පවසා සිටියේය.
මයිටොකොන්ඩ්රියල් ඩිප්ලෙෂන් හෙවත් ශරීර අභ්‍යන්තරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා මොළයට දැඩිව හානි කරන රෝගී තත්ත්වයකින් මෙම දරුවා පීඩා විඳින අතර, මේ නිසා තම ශරීරයේ අවයවවලට ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ඔහුට නොහැකි වී තිබේ. එහිදී, දරුවාට පෙනීම, ඇසීම, ශරීරය සෙලවීම, හැඬීම, ගිලීම ආදී කිසිදු ක්‍රියාවක යෙදීමට නොහැකි අතර, ඔහුගේ මොළයද අක්‍රීයව පවතී. කෘත්‍රිම ශ්වසනය ලබාදෙන නිසා ඔහුගේ පෙනහළු පමණක් ක්‍රියාත්මකව පවතින අතර, මේ තත්ත්වය තුළ මෙම දරුවා වෙනුවෙන් ජීවිතය හෝ මරණය යන තත්ත්ව දෙකෙන් එකක් තෝරාගත යුතුව ඇති බව විවිධ අදහස් පසුගිය කාලය පුරාවට මතුව තිබුණි.
නමුත්, දරුවාගේ දෙමවුපියන් මෙන්ම, ඔහුට ප්‍රතිකාර කළ අය විශේෂ ප්‍රතිකර්ම සිදුකරමින් දරුවාට කිසියම් හෝ ප්‍රගතියක් ලබාගැනීමට උත්සුක වූහ. මෙවැනි තත්ත්වයකින් පසුවන දරුවන් 16 දෙනෙකු පමණක් ලෝකයේ සිටින බවද සඳහන් වේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

