ඝානාවේ අක්රා අගනුවර ස්වභාවික ගෑස් මධ්‍යස්ථානයක දැවැන්ත පිපිරීමක් සිදුවී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පිපිරීමත් සමග විශාල ගිනිදැල් අහසට පැන නැගුණු බවත්, ආසන්නයේ ජීවත් වූ පිරිස් වහාම එම ස්ථානයෙන් ඉවත් කළ බවත් විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා රාත්‍රී 7.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, පිපිරිමෙන් ගෑස් පිරවීමට පැමිණි බවුසරයක්ද ගිනිගෙන තිබේ.
මේ වනවිට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇතත්, ජීවිත හානි වැඩිවිය හැකි බවටද බලධාරීහු සැක පහළ කරති.
කෙසේ වෙතත්, මේ වනවිට ගින්න පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත්ව තී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
වර්ෂ 2015 ජුනි මාසයේදී නගරයේ ඉන්ධන පිරවුම් හලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.