යුද හමුදා රැඳවුම් භාරයේ සිටියදී ඝාතනයට ලක්වූයේ යැයි කියන මියන්මාර මාධ්‍යවේදියෙකුගේ මිහිදන් කළ සිරුරු යළි පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා ගොඩගත් පුවතක් වාර්තා වෙයි.
මසකට පමණ පෙර මාධ්‍යවේදී අවුන් නන් නැමැත්තා මරා දමන ලද්දේ තායිලන්ත දේශ සීමාව අසල දීය. ඔහු මියන්මාරයේ කැරලිකාර හමුදාවකට අයත් වුවෙක් බව පැවසූ එරට හමුදාව විසින් ඔහුව අල්ලා ගැනීමෙන් පසු වෙඩි තබා ඝාතනය කර තිබුනේ, ඔහු පැන යාමට උත්සාහ කළ බව පවසමිනි.
මියන්මාර හමුදාවේ චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහුගේ පවුලේ ඥාතීන් කියන්නේ අවුන් නන් නිදහස් මාධ්‍යවේදියෙකු වූ බවය.
කෙසේ වෙතත්, මේ චෝදනා යටතේ නැවත පරීක්ෂණයක් සඳහා සිරුරු ගොඩ ගැනීමට තීරණය කළත් සාධාරණයක් ඉටු නොවනු ඇති බවට විවිධ සංවිධාන පෙන්වා දෙයි.