පැහැරගැනීමකට ලක්වීමෙන් පසුව සයිප්‍රසයේ ලානකා ගුවන් තොටුපොළ වෙත බලහත්කාරයෙන් ගොඩබස්වනු ලැබූ ඊජිප්තු ගුවන් සේවයට අයත් MS181 යානයේ සිටි සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමටත්, යානය පැහැරගත් පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර තිබේ.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ බලා ගමන් කරමින් සිටියදී, පුපුරණ ද්‍රව්‍ය තම බඳ වටා ඔතාගෙන සිටින්නේ යැයි පැවසූ මගියෙකු විසින් මෙම එයාර්බස් ඒ320 යානය පැහැරගත් අතර, එම අවස්ථාවේ යානයේ මගීන් 56 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු සිටියහ.
ඊජිප්තු සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන පරිදි එම මගීන් අතර විදේශීය මගීන් 26 දෙනෙකු සිට ඇති අතර, ඇමෙරිකානුවන් 8ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 4ක්, නෙදර්ලන්ත ජාතිකයන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 2ක්, ග්‍රීක ජාතිකයන් 2ක්, ප්‍රංශ ජාතිකයෙකු, ඉතාලි ජාතිකයෙකු හා සිරියානු ජාතිකයෙකුද ඒ අතර සිට ඇත.
ඊබ්‍රාහීම් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු පශු වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් බවද කියයි. ඔහු යානයේ සිටි ඊජිප්තු මගීන්ට මුලින් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති අතර, පසුව විදෙස් මගීන් සමග සාකච්ඡා කරමින් තමාගේ හිටපු බිරිඳ වෙත ලිපියක් ලබාදෙන ලෙස පවසා තිබේ.
කෙසේ වෙතත්, පසුව ඔහුගේ හිටපු බිරිඳද ගුවන් තොටුපොළ කැඳවාගෙන පැමිණීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, ලානකා ගුවන් තොටුපොළ වෙත පැමිණි සෙසු ගුවන් යානා අසල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, අවසානයේදී යානයේ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර දෑත් ඔසවාගෙන යානයෙන් පිටතට පැමිණි සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
අත්අඩංගුවට පත් මෙම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණවලදී ඔහු ළඟ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොමැති බවත්, එය පෞද්ගලික කාරණයක් මත සිදුකර ඇති ක්‍රියාවක් බවත් අනාවරණය වී තිබේ.