ගුයානා රාජ්‍යයේ මහ මැතිවරණය අද (11දා) පැවති අතර, එරට පත්මන් ජනාධිපති ඩොනල්ඩ් රමෝටාර් බලයෙන් පහ කිරීමේ අරමුණින් විපක්ෂ කණ්ඩායම් පහක එකතුවෙන් ඩේවිඩ් ග්රැන්ගර් මෙවර මහ මැතිවරණයට තරග කරයි.
64 වැනි වියෙහි පසුවන රමෝටාර් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසරක් තිබියදී එය විසුරුවා හැරියේ විශ්වාසභංග යෝජනාවකට මුහුණදීම වැළැක්විම සඳහාය.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් රමෝටාර්ගේ පීපීපී/සි පක්ෂය ජයග්‍රහණය කළහොත් එය අඛණ්ඩව ජය ලැබූ 6 වැනි අවස්ථාව වන අතර, රමෝටාර්ගේ දෙවැනි ධුර කාලය වෙයි.