ගිනියා රාජ්‍යයේ නව මුස්ලිම් පල්ලියක් විවෘත කිරීමේ අවස්ථාවක ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ටිම්බෝ නගරයේදී මෙම පල්ලිය විවෘත කිරීමේ අවස්ථාවෙන් සාමාන්‍ය ජනයා ඉවත් කිරීමට එරෙහිව තරුණ පිරිස් උරනව ගල්මුල්වලින් පහර දීමක් සිදුව තිබේ.
එහිදී, පල්ලිය විවෘත කිරීමේ අවස්ථාවට ප්රභූන්ට පමණක් අවස්ථාව ලබාදී ඇති අතර, එම අවස්ථාවේදී උරණ වූ තරුණ පිරිස් බලහත්කාරයෙන් ඒ තුළට ඇතුළු වීමට උත්සාහ දරා තිබේ.
එහිදී, පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් සමග බැට්න් ප්‍රහාරයක්ද එල්ල කරමින් උරන වූ පිරිස් පාලනය කිරීමට උත්සාහ කර තිබේ.
ගිනියාවේ සියයට 85ක් පමණ ජනතාව සුන්නි ඉස්ලාම් දහම අදහන්නන් බව පැවසෙයි.